ප්‍රාදේශිය ලේකම් කාර්යාල සේවා ගොනු
සිවිල් ලියාපදිංචිය
අවසර පත්‍ර/ බලපත්‍ර නිකුත් කිරීම
සහතික පත්‍ර නිකුත් කිරීම
විශ්‍රාම වැටුප් ගෙවීම්
ඉඩම් පරිපාලනය
සමාජ සුභසාධන සහ සහන
සමෘද්ධි වැඩසටහන්
ප්‍රසම්පාදන
සංවර්ධන වැඩසටහන්
අප සපයන සේවාවන්...
ඔබේ අවශ්‍යතාව අනුව අදාළ කාණ්ඩය වෙත පිවිස පරීක්ෂා කර බලන්න. ඔබ සොයන තොරතුරු එහිදී සොයා ගැනීමට නොහැකි වූයේ නම්, අප ඇමතීමට කාරුණික වන්න.
අප අමතන්නNews & Events
රාජ්‍ය සේවා ස්ථාන
කොළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
කාර්යය මණ්ඩලය
ප්‍රාදේශිය ලේකම් |
||
![]() |
නම | නිරෝෂා එස් ගමගේ මිය |
| සුදුසුකම් |
ශ්‍රාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධිය ශ්‍රී ලංකා පරිපාලන සේවය I |
|
| රැකියා ඉතිහාසය |
සහකාර ප්‍රාදේශීය ලේකම්, කිරින්ද පුහුල්වැල්ල. සහකාර ප්‍රාදේශීය ලේකම්, මුලටියන සහකාර ප්‍රාදේශීය ලේකම්, තිහගොඩ. සහකාර ප්‍රාදේශීය ලේකම්, අකුරැස්ස. |
|
සහකාර ප්‍රාදේශීය ලේකම් |
||
![]() |
නම | එන්. කාංචනී අබේසේකර මිය |
| සුදුසුකම් |
විද්‍යාවේදී උපාධිය මානව සම්පත් කළමනාකරණ සහතික පත්‍ර පාඨමාලාව ශ්‍රී ලංකා පරිපාලන සේවය III |
|
| රැකියා ඉතිහාසය |
සහකාර ලේකම්, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය සහකාර ප්‍රාදේශීය ලේකම්, දික්වැල්ල |
|
ගණකාධිකාරී |
||
![]() |
නම |
එල්.ජී.එන්. සුජානි මිය |
| සුදුසුකම් |
විද්‍යාවේදී විශේෂ ( මූල්‍ය කළමනාකරන) ව්‍යාපාර පරිපාලනවේදී (ගිණුම්කරණය) විශේෂ උපාධි |
|
| රැකියා ඉතිහාසය |
ගණකාධිකාරී, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පිටබැද්දර |
|
නියෝජ්‍ය අධ්යක්ෂ (සැලසුම්) |
||
| නම |
ඊ.ඒ.අයි. සඳමාලි මිය |
|
| සුදුසුකම් |
පශ්චාත් උපාධි, ක්‍රම සම්පාදන (ii ශ්‍රේණිය) |
|
| රැකියා ඉතිහාසය |
ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සියඹලාණ්ඩුව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය, කොළඹ |
|
පරිපාලන නිලධාරී |
||
| නම |
ස්වර්ණා ශිරෝමණී මිය |
|
| සුදුසුකම් |
|
|
| රැකියා ඉතිහාසය |
වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය |
|
පරිපාලන ග්‍රාම නිලධාරී |
||
| නම | ||
| සුදුසුකම් |
අ. පො. ස. (උ/පෙ) ග්‍රාම නිලධාරී ( අධි පන්තිය) |
|
| රැකියා ඉතිහාසය | ප්‍රාදේශීය ලේකම් කාර් යාලය - අකුරැස්ස | |
හැඳින්වීම
|
අපගේ දැක්ම |
|
අපගේ මෙහෙවර |
මෙම කොට්ඨාශය,
උතුරින් පිටබැද්දර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය හා මුලටියන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ වලින් ද
දකුණින් මාලිම්බඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද
බටහිරින් අකුරැස්ස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද
නැගෙනහිරින් කඔුරුපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයෙන්ද මායිම් වී ඇත.
කොට්ඨාශයේ වර්ග ප්‍රමාණය හෙක්ටයාර් 6303 ( ව. කි.මී. 63.03) කි. සිංහල, මුස්ලිම්, දෙමළ, බර්ගර් ජාතීන් මෙම කොට්ඨාශය තුල ජීවත් වන අතර මුළු ජනගහනය 34780 කි.
ගොන්ගල කදු ශිඛරයෙන් ආරම්භ වන නිල්වලා නදියේ පහත් බිම් ප්‍රදේශයේ පිහිටා ඇති මෙම කොට්ඨාශය මුහුදු මට්ටමේ සිට අඩි 200 ත් 1400 ත් උස් බිමක පිහිටා ඇත.
මෙම කොට්ටාශය මධ්‍යයේ පිහිටා ඇති වටිනා ශාඛ වලින් යුත් වැලිහේන රක්ෂිත වනාන්තරයද ගිනිකොණ දිශාවට වන්නට පිහිටි ඔලියගම් කැලය හා ඌරුමුත්ත ග්‍රාම නිලධාරී වසමේ උතුරට මායිමව එළමල්දෙනිය රක්ෂිතය වැනි වූ වන වැස්මක් සහිිත ප්‍රදේශ පිහිටා තිබීම පරිසරයේ සුන්දරත්වය ඔප්නැංවීමට හේතු සාධක වේ. මෙම වනාන්තර අතරින් ඔලියගම් කැලයේ අක්කර 500 ක් පමණ වූ භූමි ප්‍රදේශයක ජෛව විවිධත්ව උද්‍යානයක් පිහිටා තිබීම ඉතා වැදගත් වන අතර ශ්‍රී ලංකාවේ පළමු වෙනි ජෛව විවිධත්ව උද්‍යානය වන්නේ ද මෙම වනාන්තරයයි. මෙහි ලෝකයේ ඇති දුර්ලබ හා වදවීමේ තර්ජනයට ලක්වූ ශාඛ විශේෂ ද දක්නට ලැබේ. " විල්පිට දණ්ඩියා " නැමැති ශ්‍රී ලංකාවට ආවේණික වූ මාළු විශේෂය සිටීම ද වන පියසෙහි සුන්දරත්වය වැඩි වීමට හේතුවක් වේ.
ඉපැරණි රජමහ විහාරයක් වන ගොඩපිටිය රජමහා විහාරය මෙම කොට්ඨාශයේ පිහිටා ඇත. සුප්‍රසිද්ධ සව් සද්ධම්වාදයට මුල පිරූ ගංගා රෝහණ වර්නණාවේ මූලාරම්භක ස්ථානයක් වශයෙන් ගොඩපිටිය රජමහා විහාරස්ථානයට අද්විතීය ස්ථානයක් හිමිවී ඇත. පුරාණ නාග ගෝත්‍රිකයන්ගේ දේවාලයක් වන ඌරුමුත්ත දේවාලයද ඓතිහාසික ස්ථානයකි.
දිවයිනේ ප්‍රධාන පැරණි මුස්ලිම් දේවස්ථානයක් වන ගොඩපිටිය පෝර්වෛයි මොහියදීන් මුස්ලිම් දේවස්ථානය මෙම ප්‍රදේශයේ පිහිටා ඇති අතර, වන්දනා ආඥා පනත යටතේ වාර්ෂිකව සිදු කරන ආගමික උත්සවය නිසා දිවයිනේ මුස්ලිම් බැතිමතුන්ගේ වන්දනා ස්ථානවක් බවට පත්වී ඇත.
විසිවන සියවසේ ලංකාවේ ජීවත් වූ ජන නායකයන් අතරින් දිවංගත දොස්තර සුජීස්වර අබේවර්ධන වික්‍රමසිංහ මහතාගේ උපන් ගම අතුරලිය වේ. ශ්‍රී ලංකා කොමියුනිස් පක්ෂය ආරම්භ කර එහි නායකත්වය ගෙන කටයුතු කල එතුමා මෙම පක්ෂයට අයත්වන අකුරැස්ස මැතිවරණ කොට්ඨාශයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වශයෙන් දීර්ඝ කාලයක් සේවය කිරීම නිසා අතුරලිය ප්‍රසිද්ධියට පත් විය.
| 1999 සිට සේවය කල ප්‍රාදේශිය ලේකම්වරුන් හා ප්‍රාදේශිය උප දිසාපතිවරුන් පිළිබඳ විස්තර | ||
| නම | සිට | දක්වා |
| ඒ. එම්. විජේසිංහ මයා | 01-01-1999 | 15.01.2005 |
| ඩී. ඒ. ඒකනායක මයා | 20-01-2005 | 29. 01.2006 |
| බී. රණවීර මයා | 30-01-2006 | 05-06-2007 |
| අයි. එස්. සමරකෝන් මයා | 06-06-2007 | 06-01-2013 |
| චින්තක අබේවික්‍රම මයා | 07-01-2013 | 13-09- 2013 |
| ටී. ජී. සරත් කුමාර මයා | 14-09-2013 | 14-09- 2017 |
| දීපිකා කේ. ගුණරත්න මිය | 17-09-2017 | 29-05-2018 |
| නිරෝෂා එස්. ගමගේ මිය | 30-05-2018 | |
























